25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෝගියෙකු අතින් අවසන් ගමන් ගිය සාත්තු සේවකයා

රෝගියෙකු අතින් අවසන් ගමන් ගිය සාත්තු සේවකයා

චාවකච්චේරිය පොලිස් වසමේ මීසාලේ ප්‍රදේශයේදී පිහියකින් සහ අලවංගුවකින් පහරදී ඊයේ (11) සවස් කාලයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

43 හැවිරිදි වියේ පසුවූ ආනකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රෝහල් සාත්තු සේවකයෙකුයි සිද්ධියෙන් මියගොස් ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකරු මානසික ආබාධයක් හේතුවෙන් තෙලිප්පලේ මානසික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සාත්තු සේවකයා වශයෙන් කටයුතු කර ඇත්තේ මරණයට පත් වූ තැනැත්තා කටයුතු කර තිබේ.

එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ පස්වරුවේ මීසාලේ ප්‍රදේශයේ අධික ලෙස රුධිරය වහනය වෙමින් පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද තොරතුරකට අනුවයි පොලීසිය ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.