28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට විකිණීමට තිබූ බිත්තර තොගයක් මරදානෙන් සොයාගැනේ

වැඩි මිලට විකිණීමට තිබූ බිත්තර තොගයක් මරදානෙන් සොයාගැනේ

මරදාන මරියකඩේ ප්‍රදේශයේ වෙළඳසැලක තිබි අළෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර 15,000කට අධික තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගනු ලැබ තිබේ.

තම අධිකාරියේ නිලධාරින් අද පෙරවරුවේ වෙළඳසලක් පරික්ෂාවට ලක් කළ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.

වෙළෙඳසැලේ අළෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් විසින් එහිදි සොයා ගෙන තිබේ.

සඟවාගෙන සිටි බිත්තර තොගය රුපියල් 44 ක මිලකට එම වෙළඳසැල ඉදිරිපිට තබා අළෙවි කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

බිත්තර තොග සඟවා ගෙන හා වැඩි මිලට අළෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.