31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකික පියපුතු දෙපළක් ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී ජීවිතක්ෂයට

ශ්‍රී ලංකික පියපුතු දෙපළක් ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි කෙයාර්න්ස්හිදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි සිසිර ගජනායක සහ ඔහුගේ පුත්‍රයා වන 21 හැවිරිදි තේමි ගජනායක බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග කුඩා දිය ඇල්ලක් ආසන්නයේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා. පියා දියේ ගසාගෙන යාමේදී ඔහු බේරා ගැනීමට පුත්‍රයා සහ දියණිය උත්සාහ කර ඇති අතර එහිදී තුන්දෙනාම දියේ ගිලී ඇතැයි සඳහන්.

දියණිය දිවි බේරාගෙන ඇති අතර පියා සහ පුත්‍රයා දියේ ගිලී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.