27.7 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම්දීමක්

උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම්දීමක්

පසුගිය සතිය තුල ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන් ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ගතවූ සතියේ QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%කට පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වර්ධනය කර ඇතැයි ද ඔහු සඳහන් කළා.

ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් නිකුත් කර බෙදා හරින බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.