― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි දුම්රියක් වෙනුවෙන් පැරණි නානුඔය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

විදුලි දුම්රියක් වෙනුවෙන් පැරණි නානුඔය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිලෝමීටර් 31ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීම සහ පැවරීම යන ක්‍රමවේදය (BOT) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.

මෙම දුම්රිය මාර්ගය ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පහසුකම් ඇති ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

මෙම පටු දුම්රිය මාර්ගය බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද නමුත් වාණිජමය ශක්‍යතාවක් නොමැතිකම හේතුවෙන් පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එය කඩා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී දුම්රිය ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.