29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්

බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්

මත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමත් රියදුරන් සොයා සිදු කරන පරීක්ෂා කිරීම් සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බවයි.

අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා කියාසිටියේ මගතොටේ මෙන්ම, නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී ද සැළකිලිමත් වන ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතින අතර ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩාවල නිරත වන ලෙසට ද දැනුම් දෙනවා.