32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබීමතින් සිටි පොලිස් සැරයන් පවුලක්ම රෝහලට යවයි

බීමතින් සිටි පොලිස් සැරයන් පවුලක්ම රෝහලට යවයි

මත්පැන් සාදයකට සහභාගී වී නැවත එමින් සිටි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු බීමතින් පැද වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී එහි ගමන් ගත් අවුරුදු එක හමාරක දියණියක ඇතුළු 4දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලීසිය පවසයි.

අනතුරින් පසුව තුවාල ලැබූ පියා සහ අවුරුදු 8 දියණිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දියණිය සහ මව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබයි.

මව පියා සහ දියණියන් දෙදෙනා අවුරුදු උදාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන රැගෙන මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී මීගොඩ ආටිගල පාරේ බෝගහ අසල දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මං මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් සැකකරුද තුවාල සිදුව ඇති අතර පොලිස් අත්අඩංගුවට යටතේ ඔහුද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .