25.6 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන 4කින් ඒකාබද්ධ නිවේදනයක්

රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන 4කින් ඒකාබද්ධ නිවේදනයක්

සතුන් විසින් ඵලදාව විනාශ කිරීමට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මගින් රිළවුන් වැනි සතුන් අපනයනය කිරීමට නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කරනවා.

එමෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු පරිසර සංවිධාන හතරක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ක්‍රියාවට එරෙහිව අදහස් දක්වා ඇත්තේ.

ස්වභාව ධර්මයට අදාළ විසඳුම් දිය යුත්තේ, විද්‍යාව සහ පර්යේෂණ පදනම් කරගෙන බවත්, ඉදිරි මැතිවරණ ගැන සිතමින් විසඳුම් ලබාදීම සිදු නොකළ යුතු බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.