27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ බස් රථයක් පෙරළී 12ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථයක් පෙරළී 12ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මඟීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම අනතුරෙන් තවත් මඟීන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මුම්බායි – පූනේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් වන අතර අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සංස්කෘතික සංගීත කණ්ඩායමක සාමාජිකයින් පිරිසකුයි එම බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ.  

තුවාල ලැබූ සහ මිය ගිය පිරිස වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.