― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපහත වැටී තිබූ මත්පැන් අලෙවියට හිටිහැටියේ සිදු වූ වෙනස

පහත වැටී තිබූ මත්පැන් අලෙවියට හිටිහැටියේ සිදු වූ වෙනස

මෙවර අලුත් අවුරුදු සමයේ දී පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ පහත වැටී තිබූ අතර අවුරුදු සමයේ දී එය සියයට 20කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ මත්පැන් අලෙවියේ ඉහළ යෑමක් සිදු ව ඇත.මත්පැන් මිල අඩු කිරීමේ අරමුණින් සුරා බද්ද රුපියල් 2000කින් අඩුකරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නද එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.