ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබීය. ඒ අනුව ඩොලර් 84 – 87ක මට්ටමක එය පැවතුණි.
අප්‍රේල් තුන්වනදා වන විට ඩොලර් 85 දක්වා බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
එය මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77 ක අගයක පැවතුණි.ගතවූ වසරක කාලය සැලකීමේදී පසුගිය වසරේ ජුලි මස 29 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් නොමැත.