27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිළවුන්ගේ ගැටළුව කැබිනට් මණ්ඩලයට

රිළවුන්ගේ ගැටළුව කැබිනට් මණ්ඩලයට

මෙරට රිළවුන් චීන සත්වෝද්‍යාන වලට ලබා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව්ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ රිළවුන්, විනයට ලබාදිම සමිබන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.

චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම කිරණය ගෙන ඇත්තේ.

මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකචිඡාවකදි අනාවරණය වුණේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතු වූ අතර පරිසරවේදින් චෝදනා කළේ එය සිදුවන ආකාරය සමිබන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමක් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසර වේදින් පෙන්වා දුන්නේ.