― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකලා වැවේ මසුන් දහස් ගණනක් අස්වාභාවික ලෙස මියයයි

කලා වැවේ මසුන් දහස් ගණනක් අස්වාභාවික ලෙස මියයයි

මේ දිනවල කලා වැවේ මසුන් දහස් ගණනක් අස්වාභාවික ලෙස මිය යමින් පවතින බව තොරතුරු වාර්තා වනවා.

මෙලෙස මිය ගිය මසුන් නාන තොටුපොළ හා රළපනාව ආශ්‍රිත ප්‍රදේශවල දැකගත හැකි බව සඳහන්.

මේ හේතුවෙන් එම ප්‍රදේශ අවට දැඩි දුගන්ධයක් ද පවතින අතර වැව භාවිතාකරන පිරිස් වෙත බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කලා වැවේ ජල ධාරිතාවය ද මේ වනවිට අක්කර අඩි 70000ක පමණ අගයක පවතින අතර, මෙලෙස මසුන් මිය යාමට හේතුව ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය විය හැකි බවට ද සැක පළ කරනවා.

වැවේ ජල තත්ත්ව පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය සාම්පල රැස් කිරීම ද ශ්‍රී ලංකා මහවැලි අධීකාරියේ ජල තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය මඟින් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (15) සවස කලාවැව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 55ක වැස්සක් පතිත වූ බව කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසනවා.

පැයක පමණ කාලයක් පැවැති මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද ප්‍රදේශයට පතිත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.