― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportදිමුත්ගේ නායකත්වයෙන් තරග වඳින අවසන් ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

දිමුත්ගේ නායකත්වයෙන් තරග වඳින අවසන් ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (16) ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ක්‍රිකට් ඉතිහාසය තුළ දෙපිළම ටෙස්ට් තරගාවලියක් සඳහා එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

ඒ, අනුව මෙම ඉතිහාසගත තරගය අද (16) පෙරවරුවේ ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

අද ආරම්භවන ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වක ලබාදෙන අවසන් ටෙස්ට් තරගාවලිය ද මෙයවීම විශේෂත්වයක්.

අද ආරම්භවන පළමු ටෙස්ට් තරගය සඳහා පිත්කරුවන් 07 දෙනෙකු සහ පන්දුයවන්නන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.