― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිදන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට

නිදන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙහිඅත්තකණ්ඩිය නව නගරය ප්‍රදේශයේ කළ වැටලීමකින් අනවසරෙන් නිධන් කැණිම් කරමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දි බලපත්‍ර නොමැතිව පරිසරයට හානි වන ලෙස පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සොයා ගැනීමේ අරමුණින් අනවසරයෙන් මහවැලි අධිකාරියට අයත් ඉඩමක මොවුන් මෙලෙස කැණීම වල නිරත වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය සහ මහියංගනය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සිට 51 දක්වා පසුවන්නන්.

මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පිරිස සහ නිධන් හෑරීම් සදහා යොදාගන්නා උපකරණ ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.