30.6 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමව්කිරි සිරවීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

මව්කිරි සිර වී කුඩා බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලුත් අවුරුද්ද යෙදී තිබූ පෙරේදා (14) රාත්‍රියේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස මාස පහ හමාරක බිළිඳෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මස්කෙළිය – ග්ලැන්ටිල් වතුයායේ පදිංචි සිටි මෙම බිළිඳා මව්කිරි සිරවී මස්කෙළිය රෝහලට රැගෙන විත් ඇති අතර එම අවස්ථාවේ දීත් බිළිඳා අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප වාර්තාකරු සමඟින් පවසා ඇත්තේ.

බිළිඳාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර තිබෙනවා.