26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියන 16ක මත්පෙති සිලාවතුරේ කැලෑවකින් හමුවෙයි

මිලියන 16ක මත්පෙති සිලාවතුරේ කැලෑවකින් හමුවෙයි

මන්නාරම යුදහමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

ඒ අනුව කල සෝදිසියකදී සිලාවතුර ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබීය.

එහිදී විශාල උර දෙකක් තුළ අසුරා තිබූ ප්‍රිගැබ්ලින් වර්ගයේ නීතිවිරෝධී මත්පෙති තොගය සොයාගනු ලැබීය.

මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් කැලෑවක සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම්කරුවන් සැලසුම් කොට ඇති බවට පොලීසිය සැකපල කරන කරනවා.

මත්පෙති ගෙන්වූ අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.

මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් භාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.