― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිළවු අල්ලන්න ගොවි සංවිධානවල පූර්ණ සහාය

රිළවු අල්ලන්න ගොවි සංවිධානවල පූර්ණ සහාය

වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන කවර පියවරකට වුවත් තමන්ගේ උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම පරිදි මේ වනවිට ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් නොයෙකුත් විවේචන එල්ල කළත් තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා විරෝධය පළ කරන කිසිඳු පුද්ගලයෙක් හෝ සංවිධානයක් තම ගැටළුවලට විසඳුම් ලබා දී නොමැති බවයි ගොවි සංවිධාන පවසන්නේ.

මේ අතර සත්ව සුබසාධන සඳහා කටයුතු කරන සංවිධානයක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වනසත්ව හානි අවමකර ගැනීම සඳහා සෑම ගොවිමහතෙක්ම තමන් වගා කරන බිමෙන් අක්කර භාගයක් සතුන්ට ආහාර පිණිස වෙන් කරන්නේ නම් මෙම සත්ව හානි අවම කර ගත හැකි බවයි.

කෙසේ වුවද චීනය විසින් රිළවුන් සත්වෝද්‍යානවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් ඒ සදහා වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශ තුනම එක් අමාත්‍යාංශයක් වශයෙන් පැවැති අවස්ථාවේ දී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණා.

මේ අතර රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කූඩු භාවිත කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද නියමිතයි.