27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන කෝටාව ගැන තීරණය අද

ඉන්ධන කෝටාව ගැන තීරණය අද

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගත් අතර එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඉහළ දැමූ ඉන්ධන කෝටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.