― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඔට්ටු සහ සූදු බද්ද ඉහළට

ඔට්ටු සහ සූදු බද්ද ඉහළට

ඔඩිටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුමිපත ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ලාංකික පුරවැසියෙකුගෙන් සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීමේදී අයකළ ඇමරිකානු ඩොලර් 50ක මුදල ඉහළ දමා ඇත්තේ ඩොලර් 100 දක්වායි.

එසේම බුකී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සෑමි තැනැත්තෙකුම එය ආරමිභ කළ දිනයේ සිට මසක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
ලියාපදිංචි විය යුතු වනවා.

තවද වාර්ෂිකව හෙවිය යුතු ඔට්ටු සහ සූදු බදු මුදලද සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර අප්‍රේල් පළමු වනදා සිට ආරම්භ වන බුකී ව්‍යාපාර සඳහා අයකෙරෙන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 05 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම සජිවි රූපවාහිනි විකාශන පහසුකම භාවිතාකරන අවස්ථාවක එම බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එම අගය පැවතියේ රුපියල් ලක්ෂ 06ක් ලෙසයි.