26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඹුර මුර කිරීමට ගිය තරුණයාගේ සිරුර කුඹුරෙන් හමුවෙයි

කුඹුර මුර කිරීමට ගිය තරුණයාගේ සිරුර කුඹුරෙන් හමුවෙයි

වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප්‍රදේශයේ  කුඹුරක් මුර කිරීමට රාත්‍රී කාලයේ ගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුර පොලිසිය විසින් අද (17 ) සොයා ගෙන තිබේ.

ඔහු කුඹුරේ සිට ආපසු නිවසට නොපැමිණීම නිසා පවුලේ උදවිය එහි ගොස් බලන විට ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පුලියන්කුලම් පුදුර් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජගනාදන් කෙජිදන් නැමති තරුණයෙකි.

පසුව මේ පිළිබදව පුලියන්කුලම පොලීසියට පැමිණිලි කිරිමෙන් පසුව පොලිසිය ගොස් ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට පරීක්ෂණ කටයුතු සදහා මළ සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් තිබේ.

ඔහු මියයාමට හේතුව හෝ මියගිය ආකාරය මෙතෙක් හෙළි වී නොමැති අතර පුලියන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.