27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටුව ගුවන් පාලම හොඳටම අබලන්

කොටුව ගුවන් පාලම හොඳටම අබලන්

දිනකට මගීන් විශාල පිරිසක් එහාමෙහා ගමන් කරන කොටුව ගුවන් පාලම මේ වනවිට ස්ථාන කිහිපයකින්ම දිරාපත්ව ඇති අයුරු දැකගත හැකිය.

මේ පිළිබඳව ඒ අවට ව්‍යාපාරිකයින් කොළඹ මහ නගර සභාව දැනුවත් කර ඇතත්, ඔවුන් අවස්ථා කිහිපයකින් පැමිණ එම ස්ථාන ලකුණු කරගෙන ගොස් තිබේ.

නමුත් මේ වන තෙක් පාලම අලුත්වැඩියා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වෙළෙඳුන් චෝදනා කරති. වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ පවතින අවස්ථාවන්වලදී පාලම මතට විශාල පිරිසක් ගොඩවන බවය.

මාරක අනතුරක් සිදුවීමට පෙර පාලම අලුත්වැඩියා කරදෙන ලෙස ද එම ප්‍රදේශයේ වෙළෙඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. පාලම යට හා උඩ විශාල පිරිසක් වෙළෙඳාම් කටයුතු පවත්වන අතර කොටුව දුම්රිය පොළට පැමිණෙන විශාල පිරිසක් ද පාලම භාවිත කරමින් නිරන්තරයෙන් එහි ගැවසෙනු ඇත.

#aruna