29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොවිඩ් වැළඳීමෙන් මියගිය අයෙක් වසර 2කට පසු ගෙදර එයි

කොවිඩ් වැළඳීමෙන් මියගිය අයෙක් වසර 2කට පසු ගෙදර එයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඉන්දියාවේ ගුජරාට් රෝහලේ දී මියගිය බව කියන පුද්ගලයෙක් වසර 2 කට පසු මධ්‍ය ප්‍රදේශ්හි ධාර් දිස්ත්‍රික්කයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2021 වසරේ දී කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඔහුව රෝහල් ගත කර ඇති අතර පසුව වෛද්‍යවරු ඔහු මිය ගිය බව පවසා ඇති අතර පසුව රෝහල විසින් මෘත ශරීරය ඔහුගේ ඥාතීන්ට භාර දීමෙන් පසු පවුලේ සාමාජිකයන් විසින් අවසන් කටයුතු සිදු කර ඇත.

35 හැවිරිදි කමලේෂ් පටිදාර් නැමැති ඔහුගේ අවසන් කටයුතු සිදු කර වසර දෙකකට පමණ පසු පෙරේදා (15) උදෑසන 6 ට පමණ කරෝද්කාල ගම්මානයේ පිහිටි ඔහුගේ මවගේ නැන්දණියගේ නිවසට පැමිණ ඇති බවත් ඔහු පැමිණ දොරට තට්ටු කළ විට ඔවුන් පුදුමයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.