26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගමේ ගිය අයට කොළඹ එන්න බස් රථ 7000ක්

ගමේ ගිය අයට කොළඹ එන්න බස් රථ 7000ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ගම්බිම් බලා යාමට යෙදවූ බස් රථ 7000ම ඊයේ (16) සිට යළිත් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය.

මෙම ප්‍රවාහන වැඩපිළිවෙළ 16, 17, 18 තෙදින තුළ ක්‍රියාත්මක වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

සිංහල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 07 වැනිදා සිට ප්‍රවාහන සැලැස්මක් ආරම්භ කළ අතර ඒ අනුව අප්‍රේල් 14 වැනිදා දක්වා පුද්ගලික බස් රථ 3000කුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4000කුත් යොදවා යොදවා තිබුණි. ඊට අමතරව බස් රථ 300ක ඇණියක් ද සූදානම් කර තිබුණි.