― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalචීනෙට රිළවු යවන්න එපා කියනවා හැබැයි ඔවුන් ගාව විසඳුමක් නෑ - කෘෂිකර්ම...

චීනෙට රිළවු යවන්න එපා කියනවා හැබැයි ඔවුන් ගාව විසඳුමක් නෑ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ, පැවසුවේ චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.

“එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා.

අපේ රටේ රිළවු ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූලභාවය ගැනත් අපි සලකාබැලිය යුතුයි.

“ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනවා. එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. චීනයට රිළවුන් ලබාදීම සිදුකරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන කමිටුවේ නිර්දේශය මත පමණයි.”

“යම් හෙයකින් කමිටුව තීන්දු කළහොත් චීනයට අපේ රිළවුන් දීමට හැකියාවක් නැති බවට මෙම කාරණය එතැනින් අවසන් වෙනවා. ඒ නිසා බොරුවට කලබලවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා.”