― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalණයක් ගත්තා කියලා රටක් දියුණු වෙන්නේ නෑ

ණයක් ගත්තා කියලා රටක් දියුණු වෙන්නේ නෑ

කිසියම් රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කිරීම එම රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවක් නොවන බවත් අප පරිභෝජනයෙන් මිදී ආයෝජනය සඳහා එම මුදල් යෙදවිය යුතු බවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නිදහසින් පස්සේ අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ගිය රටක්. අපි මේ වන විටත් 17 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම මතම දියුණු වෙනවා, රටවල්වල ප්‍රශ්න අවසන් වෙනවා කියලා හිතනවා නම් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නැ කියලා ලෝකයේ විශාල ලෙස උදාහරණ තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ණය ලබාගත්තාම අපි කළේ ඒ ණය මුදල් අරගෙන රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා යෙදවීමයි. යම්කිසි රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කරනවානම් එය රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවෙන්නේ නෑ. ඉතින් අපි මෙය පරිභෝජනයෙන් මිදිලා ආයෝජනය සඳහා යෙදවිය යුතුයි. අපි හිතන්නේ රටක් හැටියට අපේ රට විදේශ ණය ලබාගෙන ඒ ණය මුදල් වලින් රටේ ආයෝජනය ඇති කරපු කාලය හැටියට ඉතිහාසයේ සඳහන් වන්නේ 2005 සහ 2015 දශකයන් පමණයි. මොකද අනිත් කාලයන්වල අපි වැඩි හරියක් කරලා තිබෙන්නේ ගත්ත ණය මුදල් ජනතාවගේ පාරිභෝජනය සඳහා වැය කිරීම මිසක් රටේ ආයෝජනය සඳහා වැය කිරීම නොවේ. දැන් නැවතවතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහයෝගය ලබාගැනීම සඳහා පෙළඹිලා තිබෙනවා ඇති වෙච්ච තත්වයන් යටතේ. අපි පහුගිය කාලයේ උත්සහ කළේ තවදුරටත් ණය මුදල් ලබාගන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙනියන්න, සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි ගත්ත සමහර වැරදි තීන්දු බලපෑවා. අපි රටක් විදිහට මේ අවස්ථාවේදී දැඩිව ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සඳහා මේ මුදල් යොදවනවා කියලා අපි රටක් හැටියට ගොඩඑන්න පුළුවන් වේවි. නමුත් අපි මේ මුදල් පරිභෝජනය සඳහා යෙදවුවහොත් නැවතත් සිදුවෙන්නේ තව අවුරුදු 04න් 05 න් පස්සේ ඝෘණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්න. ඒ නිසා අපි එවැනි වැඩපිළිවෙළකට අවතීරණ නොවි, ආයෝජන අවස්ථා සඳහා අවතීරණ වෙන්න කාලය එළඹිලා තිබෙනවා. නමුත් මේ වන විට එවැනි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන පක්ෂයක් හැටියට අපි දකින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. වෙනත් කිසිදු පක්ෂයක් රටට එවැනි වූ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පෙනියන්නැති කාරණයක්. ඉතා කණගාටු තත්වයක්. රටක් හැටියට අපි ඉදිරියට යන්න නම් සියලු පක්ෂ එකතුවෙලා මේ පාරිභෝජන තත්වයෙන් මිදිලා ආයෝජන රටාවකට යොමුවිය යුතුයි කියන මතය ජනතාවගේ සිත තුළ ඇති කළොත් රටක් විදිහට අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙයි.