27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු රැසක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු රැසක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ අනතුරු කිහිපයකින් රථ වාහන 26කට ආසන්න සංඛ්‍යාවකට අලාභ හානි සිදුව තිබෙනවා.

ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී සිදු වූ අනතුරු 06කින් මෙම අලාභ සිදුව ඇති බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කළේ.

සිදු වූ අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නොමැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බව සඳහන්.