― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsප්‍රංශ කතකට කැත වැඩක් කළ 02ක් අත්අඩංගුවට

ප්‍රංශ කතකට කැත වැඩක් කළ 02ක් අත්අඩංගුවට

සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන අයෙකු සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලීසිය පවසනවා.

ප්‍රංශයේ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුව සහ එහි සේවය කරන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය නිසි අවසරයකින් තොරව පවත්වා ගොස් ඇති බවට පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

තමන් පසුගිය 15 වනදා මෙරටට පැමිණ මාරවිල – තල්විල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගත් බවත්,16 වනදා සවස සිරුර සම්භාහනය කරගැනීම සදහා එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය බවද පැමිණිලිකාර විදෙස් කත පොලීසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

තම සිරුර සම්භාහනය කරන මුවාවෙන් එහි සිටි සේවකයෙකු තමන්ගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ආකාරයට ස්පර්ෂ කිරීම නිසා තමා එම ස්ථානයෙන් පිටතට පැමිණි බවද ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රීයේ අදාළ සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මොවුන් දෙදෙනා තල්විල සහ රඹුක්කන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි තොඩුවාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.