29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ළඟදීම අවස්ථාවක් ?

බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ළඟදීම අවස්ථාවක් ?

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා.

මෙම යාත්‍රා මඟින් පැය 04ක් වැනි කාලයක් තුළ ඉන්දියාවට යාමට හැකියාව පවතිනවා.

මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබෙනවා.

මෙම ෆෙරි බෝට්ටු සේවය සඳහා අයකරන මුදල ඇමරිකන් ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වෙනවා.

එමෙන්ම මෙම ගමනේ දි කිලෝ 100ක ගමන් මලු රැගෙන යා හැකියාව ඇත.

මෙම එක් බෝට්ටු සේවාවක මගීන් 120කට පමණ ගමන් කිරීමට හැකියාව පවතිනවා.