29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබෝඹුරු ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට පත්වෙයි

බෝඹුරු ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට පත්වෙයි

ඌව පරණගම, බෝඹුරු ඇල්ල-ගලහගම මාර්ගයේ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මොනරාගල ප්‍රදේශයේ සිට බෝඹුරුඇල්ල නැරබීමට පැමිණි පිරිසකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.

කාර්මික දෝෂයකට ලක්ව ඇති මෙම වෑන් රථය බෝඹුරුඇල්ල දෙසට පල්ලම් සහිත මාර්ගයේ නතර කර ගැනීමට නොහැකිව ඉදිරියට ඇදී ඇවිත් ඇති අතර රියදුරු වෑන් රථය අතුරු මාර්ගයකට පාලනය කර ගැනීමට නොහැකිව හරවා තිබෙන අතර වෑන් රථය වේල්ලක වැදී අනතුරකට ලක්ව නතරව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වල දී හෙළිව ඇත.

තුවාල කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බව වාර්තා වන අතර තුවාලකරුවන් ඌව පරණගම රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබදව අඔගස්දෝව පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරයි.