26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtමුරලිදරන්ගේ චිත්‍රපටයේ පෝස්ටරය පළමු වරට එළිදක්වයි

මුරලිදරන්ගේ චිත්‍රපටයේ පෝස්ටරය පළමු වරට එළිදක්වයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානයක් වන ‘800’ චිත්‍රපටයේ පළමු පෙනුම අද නිකුත් කර තිබෙනවා.

මුත්තයියා මුරලිදරන් ගේ 51 වැනි උපන්දිනය වෙනුවෙන් අද පෙරවරු 8ට පළමු වරට නිකුත් කළා.

මෙම චිත්‍රපටය මේ වසරේ දෙමළ, හින්දි සහ තෙළිඟු යන භාෂා තුනෙන්ම නිකුත් වීමට නියමිතයි.

ජාත්‍යන්තර ටෙස්ට් තරගවල වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස තවමත් මුරලිදරන් වාර්තාව තබා ඇත. ඔහු සිය ටෙස්ට් දිවියේ කඩුලු 800ක් දවාගෙන ඇත.

ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ චරිතාපදාන චිත්‍රපටය ‘800’ ලෙස නම් කර ඇත.

මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන් ලෙස ඔස්කාර් සම්මානලාභී Slumdog Millionaire චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ Mathur Mittal රංගනයෙන් දායක වේ. මෙහි කාන්තා චරිතය ලෙස Mahima Nambiar රංගනයෙන් දායක වේ.

එම්. එස්. සිරිපති විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සංගීතය ජිබ්රාන් විසින් සිදු කරයි.

ප්‍රධාන චරිතය සඳහා විජේ සේතුපති මීට පෙර අත්සන් කර තිබූ නමුත් ඉන් අනතුරුව එල්ල වූ විවේචන හමුවේ ඔහු ඉන් පසුබැසීම විශේෂත්වයක්.