― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමොණරුත් රට පැටවීමේ සූදානමක්?

මොණරුත් රට පැටවීමේ සූදානමක්?

හැකි නම් රිලවුන් පමණක් නොව මොනරුන් ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

පුත්තලමේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් මබ්ත්‍රීවරයා සඳහන් කළේ රිලවුන් මෙන්ම, මොනරුන්ගෙන් සහ වන අලින්ගෙන් ද වගාවලට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා එම සතුන් පාලනය කළ යුතු බවයි.

චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් ලක්ෂයක් අපනයනය කිරීම සඳහා යෝජනා වූ අතර එල්ස රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව හඬ නගන ඇතැම් පිරිස් මුදල් ඉපයීමේ අරමුණින් එලෙස කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

මෙම යෝජනාවට විවේචන එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ආයතන 04 කින් සමන්විත කමිටුවක් ද පත්කරනු ලැබීය.