― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව සංචාරයට සුදුසුම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

ලොව සංචාරයට සුදුසුම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පවසන්නේ ෆෝබ්ස් ලැයිස්තුව විසින් මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකාව මෙම වසරේදී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බව මීට දින කිහිපයකට පෙර සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින්ද යි ප්‍රකාශ කළාය.

ඒ අනුවයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලොව සංචාරයට සුදුසුම රටවල් ගොන්නට එක් කර ඇත්තේ.

SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ සිදු කළ සංචාරය මීට ප්‍රධාන හේතු සාධකය වී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ඇය වැඩිදුරටත් පෙනවා දෙන්නේ නුවරඑළියේ පැමිණිමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳගැනීමේ හැකියාවක් ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ලැබිය හැකි සුන්දරතම අත්දැකීම් ලෙස ඇය පෙන්වාදෙන්නේ,

“You can go on safari to an Elephant Sanctuary, go whale watching on the Indian ocean and spy on birds, lizards, jellyfish and monkeys in a mangrove.”