23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදෙස් කතකට දිවි අහිමි කළ ගම්පොළ රිය අනතුර

විදෙස් කතකට දිවි අහිමි කළ ගම්පොළ රිය අනතුර

ගම්පොළ – හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන අතර මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

බලත්ගමුව ප්‍රදේශයේදී හෙම්මාතගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 12ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් ඊයේ (16) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේ දී තුවාල ලබා සිටි අදාළ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මිය ගිය ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව 67 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

රියදුරුට නින්ද යාම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.