26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅවුරුදු 03කට පස්සෙ මිනිස්සු අවුරුදු කෑවෙ රනිල් නිසා

අවුරුදු 03කට පස්සෙ මිනිස්සු අවුරුදු කෑවෙ රනිල් නිසා

ණය ගැනීමට බිය නොවිය යුතු බවත් බිය විය යුත්තේ ණය නොගෙවනවා නම් පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ගත් ණය නියමාකාරයට ආයෝජනය කළහොත් අවුරුදු 15 ක් 20 ක් යනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්වෙන බවයි.

එමෙන්ම ගෙවී ගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වසර 3කට පසු නැවතත් ජාතික උත්සවයක් ලෙස සමරන්නට ශ්‍රී ලංකික මහජනතාවට හැකි වීම වාසනාවක් බවයි ඔහු කියා සිටියේ. නමුත් එය ඉබේ සිදුවුණා යැයි කවුරුන් හෝ සිතනවා නම් එය වැරදි බවත් සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය රට බාරගැනීම බවත් ඔහු අවධාරණය කළේ.