― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋත්තරපත්‍ර පරීක්ෂා දීමනාව 90%කින් ඉහළට

උත්තරපත්‍ර පරීක්ෂා දීමනාව 90%කින් ඉහළට

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මේ වනවිට මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩිකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ගුරු සංගම් එක්ක සාකච්ඡා කරලා, මීට මාස 2කට කලින් ඒ අයගේ දීමනා වැඩිකරන්න. සංයුක්ත දීමනාව වැඩි කළා අපි රු 2000කින් ඒ අයට කිලෝ මීටර් 80කට වැඩි අයට රු 2,900කින් වැඩි කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් උත්තර පත්‍ර පරීක්ෂා කරන කටයුත්තේ දී ඒ අයට ලැබුණු සංඛ්‍යාවට වඩා 90%කට වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩි කළා. උදාහරණයක් ලෙස රු 50,000ක් ලැබුණ කෙනාට 10,5000 හම්බෙනවා. මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ගුරුවරුන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඒ පරීක්ෂණ කටයුතුවල දීමනාත් වැඩි කරන්න භාණ්ඩාගාරය එකඟවෙලා තියෙනවා. බුද්ධි අංශ වාර්තා කරනවා උත්තරපත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුළින් අවුරුදු 18 – 20 තරුණයින් දැඩි අසහනයට පත්වෙනවා කියලා. මම ඉතා ඕනෑකමින් ඉල්ලනවා ගුරු සංගම් බොහෝදුරට එකඟවෙලා තියෙනවා මේ කටයුත්තට අවතීරණ වෙලා තියෙනවා.