― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාන්තාවන් මත් කර රන් ආභරණ කොල්ලකන යුවලක් කොටුවෙයි

කාන්තාවන් මත් කර රන් ආභරණ කොල්ලකන යුවලක් කොටුවෙයි

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසනවා.

එම සැකකරු සහ සැකකාරිය එක්ව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී ව්‍යාපාරිකයන් විසින් ඒවා උණුකර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සායන වලට සහභාගී වීමට පැමිණි රෝගී කාන්තාවක් විලස සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගී වීමට පැමිණි වයෝවෘද සහ මැදි වියේදී කාන්තාවන් සමඟ හිතවත් වී උපක්‍රමශීලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමඟ මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බිය සොරා ගැනීම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුනා.

සැකකාරිය සමඟ සිටින කාන්තාව මත් ගතියෙන් පෙළෙන අවස්ථාවේදී කිසිවකුටත් සැක නොසිතෙන ලෙස ඔවුන්ට උදව් කරන පුද්ගලයකු විලස සැකකරු ඉදිරිපත් වී තිබූ බව පොලිසිය පවසයි.

ඒ ආකාරයෙන් කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබූ රන් ආභරණ මුදල් සහ අනෙකුත් දේපල සොරා ගෙන යාම සම්බන්ධයෙන් ලද පැමිණිලි තුනක් ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාරියගේ ඡායාරූපයක් මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයක දී සැකකාරිය සහ සැකකරු කොළඹ ජාතික රෝහල අසලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු සහ සැකකාරිය ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා ඒ ආකාරයේ කරන ලද සොරකම් තුනක් සම්බන්ධයෙන් මරදාන පොලිසියට ලද පැමිණිලි ලැබී තිබුණ බව එම නිලධාරියා වැඩිදුරටත් කිය.

මෙම සැකකරු හා සැකකාරිය ඒ ආකාරයෙන්ම වැලිගම ප්‍රදේශයේදී කාන්තාවක් මත් කර රන් ආභරණ සහ මුදල් සොරා ගෙන තිබූ බව පොලිසිය සදහන් කරයි.

මොවුන් දෙදෙනා නිත්‍ය අඹුසැමියන් නොවන බවත් බොරැල්ල ප්‍රදේශයේ බෝඩිම් කාමරේක අඹු සැමියන් ලෙස ගත කරන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.

සැකකරු සහ සැකකාරිය අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සහ 42 අතර පසුවන්නන් ය.

මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු කරයි.