― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsත්‍රස්ත විරෝධී පනත ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ත්‍රස්ත විරෝධී පනත ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රැඳවුම් නියෝග නිකුත් කිරීම සහ පාපොච්චාරණය මත චූදිතයන් වරදකරුවන් බවට පත් කර ගැනීම යන කරුණු දෙක මෙම කෙටුම්පත සම්පාදනය කිරීමේදී සලකා බලා ඇති බවයි.

රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය තියෙන්නේ ආරක්ෂක ඇමතිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව ආරක්ෂක අමාත්‍යවරයා විය හැක්කේ ජනාධිපතිට විතර යි. එතකොට මේ තනතුරු දෙක ම දේශපාලන තනතුරු ඒ නිසා මෙම දේශපාලනඥයින් නිසා රැඳවුම් නියෝග නිකුත් කිරීම නිසා නීතිය අවභාවිත වෙනවා කියන චෝදනාව බරපතළ චෝදනාවක් විදියට තියෙනවා.

දෙවන කාරණය පාපොච්චාරණයන් මත චූදිතයින් වරදකරුවන් බවට පත් කිරීම. රටේ සාමාන්‍ය නීතිය යටතේ අපි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එහෙම මම අපරාධයක් සිද්ධ කළා කියලා පොලිස් නිලධාරියා එය පොලිසියට වාර්තා කළොත් කට උත්තරයක් විදියට සටහන් කළොත් ඒ වරද කළ බවට අධිකරණය එය පිළිගන්නවා හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පමණයි.

මෙතන අපි මාධ්‍ය සම්බන්ධව සඳහන් කරලා තියෙන්නේ ත්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මාධ්‍ය පෙනී හිටිනවා නම් ප්‍රචාරයක් දෙනවා නම් ඒක මේ පනතට ඇතුළු වෙනවා. හැබැයි පනතේ ම ව්‍යතිරේඛ අවස්ථා දීලා තියෙනවා. ඇත්තට ම ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි ත්‍රස්තවාදයට පොළඹවන දෙයක් තම යි මාධ්‍යවේදීන් ප්‍රචාරය කරලා තියෙන්නේ. හැබැයි ඔහු එය ප්‍රචාරණය කරන වෙලාවේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නොදැන තමයි කරලා තියෙන්නේ. එහෙම අවස්ථාවකවත් මාධ්‍යවේදියෙක් එම පනතට යටත් කරන්න බැහැ.