24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපුංචි ඡන්දයට තැන්පත් කළ ඇප මුදල් නැවත ලබා ගැනීමට සීලරතන හිමි මැතිවරණ...

පුංචි ඡන්දයට තැන්පත් කළ ඇප මුදල් නැවත ලබා ගැනීමට සීලරතන හිමි මැතිවරණ කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 නාමයෝජනා වෙනුවෙන් කරන ලද ඇප තැන්පත් නැවත ලබා ගැනීමට බත්තරමුල්ලේ සීලරතන හිමි මැතිවරණ කොමිසම හමුවට ගොස් තිබෙනවා.

2023 වසර සඳහා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් දින නියමයක් නොමැතිව කල් තබන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජනසෙත පෙරමුණ පක්ෂයේ නියෝජිතයන් විසින් ඇප මුදල් තැන්පත් කර ඇති අතර, එම මුදල් නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරමින් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් භාර දීම සඳහා පැමිණ සිටියා.