― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබුලත්විටට ගන්නා හුණු ගැන බය හිතෙන අනාවරණයක්

බුලත්විටට ගන්නා හුණු ගැන බය හිතෙන අනාවරණයක්

බුලත්විට කෑමේදී භාවිත කරනු ලබන රෝස පැහැති හුනුවල රොඩමීන් බී (Rhodamine B) නමැති පිළිකා කාරක සංඝටක පවතින බව තහවුරු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයකිනුයි මේ බව තහවුරු වී ඇත්තේ. දිවයින පුරා විවිධ ප්‍රදේශවල බුලත්විට සමග කෑමට ගන්නා හුනු සාම්පල් හතළිස් අටක් මෙම පර්‌යේෂණයට භාජනය කර ඇති අතර ඒ අතරින් යාපනය ප්‍රදේශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුනුවල මෙම පිළිකා කාරකය වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත බවයි අනාවරණය වී තිබෙන්නේ.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ රොඩමීන් බී යනු රෙදිපිළි, කඩදාසි මුද්‍රණ කර්මාන්තවලදී වර්ණකයක් ලෙස භාවිත කරනු ලබන ද්‍රව්‍යක් වන අතර මෙය වල්නාශකවල වර්ණය වෙන්කොට දැක්වීමට භාවිත කරන කෘත්‍රිම වර්ණක රසායනයක් බවයි. එබැවින් මෙවැනි රසායනයක් කෑමට ගන්නා හුනුවල පැහැය වෙනස් කිරීම සඳහා යොදා ගැනීම දරුණු සමාජ අපරාධයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.