25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණයකින් කෙළවර වූ අනියම් පෙම

මරණයකින් කෙළවර වූ අනියම් පෙම

ඇන්දාන, මඩලගම ජනපදය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කහවත්ත රෝහලටයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (17) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සහ පහරදීම සිදුකළ සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (17) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇන්දාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.