25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල් කැකුළකට දිවි අහිමි කළ ත්‍රිරෝද රථ අනතුර

මල් කැකුළකට දිවි අහිමි කළ ත්‍රිරෝද රථ අනතුර

ත්‍රිරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීගොඩ පොලිසිය පවස්න්නේ ගොඩගම හංදියේදී අද (18) අළුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති තුන් හැවිරිදි දරුවෙකි.

එම අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව, පියා සහ සහෝදරයෙක් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන් නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.