31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරිළවුන් පණපිටින් යවන ක්‍රමවේදයකට රජය අනුමැතිය ලබා දෙන්නේ නැහැ - බන්දුල

රිළවුන් පණපිටින් යවන ක්‍රමවේදයකට රජය අනුමැතිය ලබා දෙන්නේ නැහැ – බන්දුල

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (18) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“කිසි ම රටක නිදහසේ සතුන් හුවමාරු කරන්නට බැහැ. අපිට වඩා දැඩි නීතිරීති පද්ධතියක් චීන රජයේ තිබෙනවා. මාධ්‍යවල ප්‍රකාශ කරන ආකාරයට සතුන් පණ පිටින් එහෙම යවන ක්‍රමවේදයකට රජය අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ආණ්ඩු අතරේ එවැනි කිසිදු සාකච්ඡාවක් වෙලා නැහැ. පෞද්ගලික සමාගමක් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳව කමිටුවක් ලෙස සලකා බලාගෙන යන බව සඳහන් කළා.”