28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක අයර්ලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 280ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17) හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 591ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. එහිදී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ශතක හතරක් වාර්තා වූ අතර දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රමගේ නම් එම ශතක ඉදිරියේ ලියවුණා.

ලකුණු 591ක් ලකුණු පුවරුවේ ලියවී තිබිය දී පළමු ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී අයර්ලන්තයට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආරාධනා කළා. ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්තයට සිය පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 143ක් පමණයි. පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉනිමක සිය හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අයර්ලන්ත කඩුලු 07ක් ලකුණු 52ක් තුළ බිඳ දැමුවා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීමේ අරමුණින් සිය දෙවන ඉනිම ආරම්භ කළ අයර්ලන්ත පිළ දෙවන ඉනිමේදී ලකුණු 168ක සීමා කරන්නට රමේෂ් මෙන්ඩිස් ප්‍රමුඛ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. එහිදී රමේෂ් මෙන්ඩිස් ප්‍රතිවාදී කඩුලු 04ක් බිඳ දැමූ අතර යළිත් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය නිමවීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමි වුණා. තරගයේ ඉනිම් දෙක තුළ කඩුලු 10ක් බිඳ දැමූ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.