32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකා - ඊශ්‍රායල අතර ගුවන් ප්‍රවාහන ගිවිසුම වසර 20කට පසු සංශෝධනයට

ශ්‍රී ලංකා – ඊශ්‍රායල අතර ගුවන් ප්‍රවාහන ගිවිසුම වසර 20කට පසු සංශෝධනයට

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම වසර විස්සකට පසුව සංශෝධනය කිරීමට සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළා.

ඒ අනුව ඊට අදාළ සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වසරේදී අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණියා.