25.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි, පොලිසියේ ලොක්කෝ කෝපා කමිටුවට

සමෘද්ධි, පොලිසියේ ලොක්කෝ කෝපා කමිටුවට

විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර තිබේ.

මේ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 25 වැනිදා අඟහරුවාදා දිනයේද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලබන 26 වැනි බදාදා දිනයේද කෝපා කමිටුව හමුවට කැඳවෙනු ඇත.

එම ආයතනවල පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගෙන මෙම විමර්ශනය පවත්වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න පැවසීය.