26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් කිලෝ 10,000ක් විනාශ කිරීමට නියෝග

සහල් කිලෝ 10,000ක් විනාශ කිරීමට නියෝග

පසුගිය දිනවල බේරුවල නගරයේ සහ අලුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශයේදී, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීයි මෙම සහල් තොගය සොයා ගෙන තිබෙන්නේ.

පසුව රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සහල් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වීමත් සමගම පැවැති නඩු විභාගයෙන් අනතුරුව, අලුත්ගම හා බේරුවල ප්‍රදේශයට මෙම සහල් තොගය රැගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් 35,000 දඩ මුදලක් ගෙවන ලෙස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කරන ලදී.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කළුතර අතිරේක මහේස්ත්‍රාත්තුමියගේ නියෝග පරිදි බේරුවල නගර සභා භූමියේ සහල් තොගය වළදමා විනාශ කිරීම සිදු කරන ලදී.