27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැකකරුවෙක් පොලිසිය තුළදී ගෙල බෙල්ල කපාගෙන තුවාල කරගෙන

සැකකරුවෙක් පොලිසිය තුළදී ගෙල බෙල්ල කපාගෙන තුවාල කරගෙන

හෙරොයින් සමඟ  අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල ගල්වල ප්‍රදේශයේ පදිංචි (29) පුද්ගලයෙකු වන අතර ඔහු  කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

කුරුණෑගල පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ (17) රාත්‍රියේ කුරුණෑගල ගල්වල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 1050 ක ප්‍රමාණයක් සමග ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු ට විලංගු දමා පොලිස් ස්ථානයේ දූෂණ මර්දන මර්ධන අංශය වෙත රැගෙනවිත් වැටලීමේ සටහන් යොදමින් සිටින අවස්ථාවේ සැකකරු එකවරම එහි මේසය මත තිබූ වීදුරු බෝතලයක් ගෙන එය පොළොවේ ගසා කඩා එම කැබැල්ලකින් බෙල්ල ප්‍රදේශය කපා ගෙන ඇති බව පොලිසිය කියයි.

එහි සිටි නිලධාරීළධාරීන් විසින් සැකකරු මෙල්ල කර කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.