― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅධික උෂ්ණත්වයත් සමඟ හෘද රෝග ඇතිවීමේ අවදානමක්

අධික උෂ්ණත්වයත් සමඟ හෘද රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උෂ්ණ කාලගුණයත් සමඟ ආඝාතය, හෘද රෝග ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ පැවසීය.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පොලිස් නිලධාරීන් වැනි එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන පුද්ගලයින් මේ නිසා ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම වෛද්‍යවරයා සඳහන් කළේ මේ දිනවල විවිධ ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත්වෙන බැවින් සංවිධායක මණ්ඩල සාමාජිකයින් විසින් උදෑසන 11.00 ත් සවස 3.00 ත් අතර කාලය තුළ එළිමහන් ක්‍රීඩා පැවැත්වීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම හැකිතරම් දේශීය පාන වර්ග, කොමඩු, තැඹිලි වතුර, පොල් වතුර වගේ පාන වර්ග භාවිතය ගැනීම යෝග්‍ය වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.