25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅර්ධ සුඛෝපභෝගී බස් අධිවේගයේ ධාවනය කිරීමට අවසර ඉල්ලයි

අර්ධ සුඛෝපභෝගී බස් අධිවේගයේ ධාවනය කිරීමට අවසර ඉල්ලයි

අධිවේගී මාර්ගවල  අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය. 

අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් විජේරත්න මහතා කීවේය.

එමෙන්ම පහත තට්ටුව සහිත අධි සුඛෝපභෝගී බස්රථ 50ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනයට අවසර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් ඒ සඳහා අවසර හිමිව නොමැති බවත් ඔහු පැවසීය.

එමගින් කොළඹ මාර්ග තදබදයට විසඳුම් මෙන්ම මගීන්ට ගුණාත්මක බස් රථ සේවාවක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.